නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් - සනත් නන්දසිරි | Nirwana swarna dwarayen - Sanath Nandasiri


නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්
පිවිසූ තිලෝ සතුන්
සම්බෝධි රාජ පාද පද්ම
වන්දනා කරම් //

ක්ලේශ තාපයේ අනන්ත
වේදනා ජලේ //
නෞකාව දම් අමා වඳිම්
නමා නළල් තලේ

නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්
පිවිසූ තිලෝ සතුන්
සම්බෝධි රාජ පාද පද්ම
වන්දනා කරම්

දෑගසවු රහත් බුදුන්
මා සිතින් පුදා //
වන්දාමි සඟරුවන් ගඳින්
මලින් බැතින් සදා

නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්
පිවිසූ තිලෝ සතුන්
සම්බෝධි රාජ පාද පද්ම
වන්දනා කරම් //


ගායනය, සංගීතය - සනත් නන්දසිරි
ගී පද - අජන්තා රණසිංහ



වීඩියෝව ගත්තෙ මෙතනින් - GayanRaja

Comments

  1. mama jagath wickramasinghe. obe sewaya ithaama aganaa sewayak.
    mage geetha raashiyak obata awasyanam ewannata puluwan.sthuthi .
    jagathw2@gmail.com 0777742529

    ReplyDelete
  2. සෝමතිලක ජයමහගේ “මම වෙමි ලුම්බිණි සල් උයනා “ ගීතයේ පද සහ ගීතය ලබා දෙන්න

    ReplyDelete
    Replies
    1. මේ ගීතය හොයාගන්න බැරි වුණා. පුළුවන් නම් තියෙන තැනක ලිනක් එකක් ලබා දෙන්න.

      Delete
    2. වරගන පෙර හරිනා දේවිය
      දෙව් දහ වෙත වඩිනා....
      ගිමන නිවන සිතිනා..
      බැදුනයි මේ සල් තුරු සෙවනා...

      රන් පැහැ නුබ ගැබිනා
      එකවර සාදු නාද නැගුනා
      බෝසත් පුත් රුවනා
      වැඩියැයි මිහිකත සසල වුනා...

      මා හිස සරසමිනා පිපුනා
      සත් පියුමන් පිපුනා
      සසර ගමන් නොයනා
      සිරිපද පියුමන් මත තැබුනා...

      උදාන පද ඇසුනා ඇසුනා
      මහ සිහ නද ඇසුනා
      මේ පින්බර දසුනා
      දුටුව මම ලුම්බිණි සල් උයනා...

      මම වෙමි ලුම්බිණි සල් උයනා...
      මම වෙමි ලුම්බිණි සල් උයනා..

      ගායනය - සෝමතිලක ජයමහ
      ගී පද -ගුණසේන විජය ගුණරත්න
      සංගීතය - කැළණි පෙරේරා

      Delete
    3. http://bit.ly/2c8SqDy

      @ chamika de silva: ඔන්න “සිංදු ඇනෝ“ගේ උදව්වෙන් ගීතය එකතුකලා...

      @ සිංදු ඇනෝ : ගී පැදුරවෙනුවෙන් හදවතින්ම ස්තූතියි..

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...