හමුවනා නෙත් - කවීශ කවිරාජ් | Hamuwena Neth - Kaveesha Kaviraj



හමුවනා නෙත් දහක් අතරින් ඔබේ දෑසම සොයා ඇවිදින්
ඔබට මෙතරම් ලංව ඉන්නේ
නොලැබෙනා බව දැන දැනයි..//

ආයාලේ ගිය හීන අතරේ..
ගොඩ ගසා මහ වේදනා..
මමම විතරද පෙම් කරන්නේ
ආත්මය පරදුව තියා..

ඔබව හිමිවේ නම්
ඔයා අදහන්නම්
ආදරෙයි මං රත්තරනේ දැන්
නැතුව ඉන්නට බෑ ඔයා...//

හමුවනා නෙත්...

තෙතමනේ ඇති පපුව ගැඹුරේ
උනනවා පෙම් දිවිතුරා
අද ඉදන්වත් ඉමුද සෙනෙහෙන්
පුංචි වෙනසක් වත් එපා..

ඔබව හිමිවේ නම්..
ඔයා අදහන්නම්..
ආදරෙයි මං රත්තරනේ දැන්
නැතුව ඉන්නට බෑ ඔයා...//

හමුවනා නෙත්...

ගායනය : කවීශ කවිරාජ්
පද රචනය : ඩිලාන් ගමගේ
සංගීතය : ඩිලාන් ගමගේ


Comments