සල්ලි පොකුරු මිල්ලේ අහුරු
සිහින විලේ බඹර රැගුම් පානා
පුංචි රටක පුංචි අපිට
සිහින සැබෑ වෙන්න වරම් ඕනා
සතුටු කඳුළු වැස්ස මතින්
මුතුකුඩ ඉහලන්න අපිට ඕනා
හිතේ සවිය ගතේ විරිය
අපිට ඇතිම එකම හිරිය වීලා
මුහුදු හතේ රළ රැල්ලේ
පොර බදලා අපි ආවා
නාග විමන් මකර කටින්
රිංගාලා අපි ආවා
රස්සාවට නගින උදේ
මචෝ කියලයි පිලිගන්නේ
කම්හල නැග බහින තුරා
අපේ දාඩිය තමයි සුවඳ දෙන්නේ
තියන විටදි අත දිග හැර
මිල්ලේ අහුරු සුළඟ වගේ යන්නේ
කඩිසර කම තිබෙන තුරා
අපේ දවස කළ එළි වී එන්නේ
හද කොහෙදෝ ගිහිල්ලා දෝ
හීන් සැරේ මඟ ඇරලා
අපි දන්නා හඳ මාමේ
අපි නම් නෑ පැරදීලා
කටු වටකර තිබුණත්
අපි අතින් කරින් වස්තු අරන් එන්නේ
එහෙම ඇවිත් ගමේදි මේ
සේසත දවසින් වියදම් වෙන්නේ
ආපු ගමන් ආයෙත් යං
මිල්ලෙ සොයන් අපි එනවා
අද යනවා හෙට එනවා
එහා මෙහා ඔහෙ යනවා //
අද යනවා හෙට එනවා
එහා මෙහා ඔහෙ යනවා
ගායනය, සංගීතය - ජය ශ්‍රී
You Tube - kmwanniarachchi
නොදකින් මටනම් පෙන්නන්න බැරි ටකරං කටාලා දෙන්නෙක් මේ. මුන් මොන ගායකයෝද?
ReplyDeleteඅපිටනං මෙයාල හොඳයි. ගී පැදුරටත් විශේෂයක් නෑ :-)
Deleteසිංදුවක් විඳින්න දන් නැති ගෝතයෙක්
DeleteMu danna jayasri ane nkn palayan bn yanda ...
DeleteKauda me mi haraka ubala thama mal sindu ahana gonnu
DeleteMy favorite jayasri❤
Deleteඑළ කිරි නියම සිංදුව හා ගයකයො දෙන්න
ReplyDeleteමුලින් කියන්න ඕනෙ දැන් දැන් කොච්චර රෙගේ ගායකයො හොටොයත් මේ ශ්‍රී ලංකාවෙ බය නැතුව ඒ කාලෙ රෙගේ වලට බැහැල උන්නු නිසා ගරු කරමි . තවටත් අප රට තුල රෙගේ ගයකයින් හිගලෙස දැනේ .
කැරන්ස් , සුනිල් , ජිප්සිස් ,රූකාන්ත ,ඉරාජ් , කසුන් , ඉන්ද්‍ර චාප , බතිය හා සන්තුෂ් මේ ටිකයි මේ කාලෙන් කාලෙට අපේ රටේ සංගීතෙ වෙනස් කරපු යුග පුරුෂයො කියල පිලිගන්න කැමතිනම් අනිවාරෙන් ජය ශ්‍රී නමත් ඇතුලත් බව සළකන්න.
______________________
එළකිරි පෝස්ට් එක . නිතර කොමෙන්ට් නොකලත් අපි ඇලර්ට් හරිය .
ජයෙන් ජය !!!!
මේ ඉන්නෙ රසිකයෝ :-)
Deleteගැම්මක් ගැම්මක්❤
Deleteඅපිටත් ඉතින් ජයශ්‍රී හොඳා. :D
ReplyDeleteකොහොම වුනත් මේක නම් ඇත්තටම ජයශ්‍රීලගේ මයිල්ස්ටෝන් සින්දුවක් වෙන්ඩ ඕන හරේෂ් අය්යේ, මට හිතෙන විදියට. අනික් එක, ලිරික්ස්.
\\කටු වටකර තිබුණත්
අපි අතින් කරින් වස්තු අරන් එන්නේ
එහෙම ඇවිත් ගමේදි මේ
සේසත දවසින් වියදම් වෙන්නේ
ආපු ගමන් ආයෙත් යං
මිල්ලෙ සොයන් අපි එනවා
අද යනවා හෙට එනවා
එහා මෙහා ඔහෙ යනවා//
මිල්ලෙ සොයා කතන්දරේම මෙතන කියලා.
සිරාවටම! :-D
Deleteපට්ට සින්දුව....
ReplyDeleteසලාදෙනෙත් යුග අනික....
පට්ට සින්දුව....
ReplyDeleteසලාදෙනෙත් යුග අනික....