කළු කැළණි නදී - ලතා වල්පොල, සුසිල් ප්‍රේමරත්න | Kalu kelani nadee gala yawi - Latha Walpola, Susul Premarathna

කළු කැළණි නදී ගලා යාවී
කළු කැළණි නදී ගලා යාවී හෝ හෝ
මනහරය සිරිය ලංකාවේ
ලංකාවේ
ලංකාවේ
සමනල කිරි ගල පිදුරුතලාගල
ආන්න වැල් කඳු පේළි
හක්ගල පේරාදෙණියේ මල්වතු
දුන්හිඳ ඇල්ලේ සෝභා
දුන්හිඳ ඇල්ලේ සෝභා
කළු කැළණි නදී ගලා යාවී හෝ හෝ
මනහරය සිරිය ලංකාවේ
ලංකාවේ
ලංකාවේ
සීගිරි සිතුවම් දඹුලු පොළොන්නරු
ගල් කැටයම් පෙළ සෑදී
අව්කන පිළිමේ දෙන බුදු මහිමේ
ඉසුරුමුණියෙ මනහාරී
ඉසුරුමුණියෙ මනහාරී
කළු කැළණි නදී ගලා යාවී හෝ හෝ
මනහරය සිරිය ලංකාවේ
ලංකාවේ
ලංකාවේ
සොරබොර වැව හා මහියංගණයද
බිංතැන්නට හිමි වූයේ
කතරගමේ කිරි වෙහෙර තිබෙන්නේ
නාගදීප ඇත උතුරේ
කළු කැළණි නදී ගලා යාවී හෝ හෝ
මනහරය සිරිය ලංකාවේ
ලංකාවේ
ලංකාවේ ////
ගායනය - ලතා වල්පොල, සුසිල් ප්‍රේමරත්න
තනුව - සුසිල් ප්‍රේමරත්න
පද - ආනන්ද සරත් විමලවීර
මං ආයිත් ආවෝ............ කැමතිනම් ආයිත් ලියන්නං...
ReplyDeleteරික්වෙස්ට් එකක් එව්ව බං බලපං.
Delete