සුනිල්වන් නුවන් යුග - සෝමතිලක ජයමහ | Sunilwan nuwan yuga - Somathilaka Jayamaha


සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
ගැලූ කඳුළු ගංගාවෙ ඇය දැන් කිඳීලා
ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
හැදූ මවුණි පියතුමණි කරුණාව පාලා

මට මේක දඟ ගෙයකි දෙන වේදනාවන්
සතුටයි දුකයි කඳුල එක සේ දරා මං
සැනසී සිටින්නෙම්ද ඇගෙ දුක බලා දැන්
සුවසෙත පතා දෙන්න ආසිරි දයාවෙන්

සුනිල්වන් නුවන් යුග...

රජ දහන වැලි කතර වුව උරුම වේ නම්
මට ඈගෙ පිළිසරණ මතු වාසනාවන්
මගෙ ජීවනේ ගීයෙ ඇගෙ හඬ නොවේ නම්
හද වෙණෙහි සත්සර සදා ගොළු වුණාදෙන්

සුනිල්වන් නුවන් යුග...


ගායනය, සංගීතය, ගී පද - සෝමතිලක ජයමහ


Comments

  1. කැමතිම ගීතයක්

    ReplyDelete
  2. පළවෙනි අන්තරා කොටසේ තුන් වැනි පදය;

    "සැනසී සිටින්නෙම් ද ඇගෙ දුක බලා දැන්"

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...