කුරුල්ලෝ නුඹේ තාලෙන්
පියාඹන්න ආසයි
පියාපත් කොහේ කොතැනින්
කොයින්දෝ ගෙනෙන්නේ //
කියාපන් කුරුල්ලෝ
නෙළුම් මල් නෙළාලා
ගෙලේ මං පළන්දා
කිණ්නරාවි රූපෙන්
බලන් ඉන්නවා දැන්
හීන් බණ්ඩි ගොයමේ
ගිරා නිල් රටාවේ
කුරුල්ලෝ නුඹේ තාලෙන්
පියාඹන්න ආසයි
පියාපත් කොහේ කොතැනින්
කොයින්දෝ ගෙනෙන්නේ
ඉහල ගං දිහාවේ
ඇඹුල් පේර මාදං
පොකුරු බර වෙලා දැං
බලන් ඉන්නවාලු
සිංදු ගීත වන්නම්
ඔහේ කිය කියා යං
කුරුල්ලෝ නුඹේ තාලෙන්
පියාඹන්න ආසයි
පියාපත් කොහේ කොතැනින්
කොයින්දෝ ගෙනෙන්නේ //
කියාපන් කුරුල්ලෝ
ගායනය - මායා දමයන්ති
සංගීතය - අර්නස්ට් සොයිසා
ගී පද - අජන්තා රණසිංහ
“අරලිය මල්“ චිත්‍රපටයේ ගීතයක්
වීඩියෝව ගත්තේ මෙතැනින් - VOD lk

ඇත්තටම නම් මේ සින්දුව ගැයුවේ කුෂානිගේ අම්මා - මායා දමයන්ති - අරලියමල් ෆිල්ම් එකට හෙ හෙ හේ
ReplyDeleteඒ ඉඟියෙන් මුළු කතාවම වෙනස් කරන්න වුනා..චිත්‍රපටයේම ගීතය එකතු කලා..
Deleteබොහෝමත්ම ස්තූතියි..!
ඇත්තටම ගොඩක් ලස්සන ගීතයක් කොච්චර ඇහුවත් එපාවෙන්නෑ..
ReplyDeleteමේ ගීතයේ හින්දි ගීතය (ජියෝතේ ජියේ කෙසේ .)පුළුවන් නම් ඒකත් දෙන්නකො .👍👍