සිනා රැල්ල සිසි කිරණේ - මිල්ටන් මල්ලවාරච්චි | Sina rella sisi kirane - Milton Mallawarachchi


සිනා රැල්ල සිසි කිරණේ
පෙනෙන සැලෙන ලැසි ගමනේ
ඔමරි ලතා නාරි ලතා
ඔමරි ලතා නාරි ලතාවට
බැල්මට වසඟ වුණේ

මලට ඇදෙන බඹර නලා
හඬා මිහිර දෙගොඩ තලා
අපේ ජීවිතේ සනසයි විනෝද මිහිරේ
නුරාව ඉතිරේ

සිනා රැල්ල සිසි කිරණේ
පෙනෙන සැලෙන ලැසි ගමනේ
ඔමරි ලතා නාරි ලතා
ඔමරි ලතා නාරි ලතාවට
බැල්මට වසඟ වුණේ

ගමට පහන මැණික වගේ
පැළට සුවඳ කැකුල වගේ
මගේ ආදරේ වඩවයි දයාව මුහුණේ
ලතාව ගමනේ

සිනා රැල්ල සිසි කිරණේ
පෙනෙන සැලෙන ලැසි ගමනේ
ඔමරි ලතා නාරි ලතා
ඔමරි ලතා නාරි ලතාවට
බැල්මට වසඟ වුණේ

කුමුදු මලක සුවඳ නැගේ
සුමුදු දෙතොල සැලෙන අගේ
මගේ පෙම් හදේ සැඟවෙයි මිලාන දෑසේ
සිනාව රහසේ

සිනා රැල්ල සිසි කිරණේ
පෙනෙන සැලෙන ලැසි ගමනේ
ඔමරි ලතා නාරි ලතා
ඔමරි ලතා නාරි ලතාවට
බැල්මට වසඟ වුණේ


ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය - සරත් දසනායක
ගී පද - චිත්‍රානන්ද අබේසේකර



Indiketi Hewage Rohan Indika

Comments

  1. සැලෙන ලෙලෙන ලැසි ගමනේ...
    ඔමරි-ලතා නාරි-ලතා
    ඔමරිලතා නාරිලතාවට, බැල්මට වසඟ වුණේ....

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...