ඔයා හුඟාක් වෙනස් වෙලා - දයාසිරි ජයසේකර, ගයනි මධූෂා | Oya Hugak Wenas Wela - Dayasiri Jayasekara, Gayani Madhusha



ඔයා දිහයි බලන් හිටියේ ඇස්
පිය නොහෙලා මෙතෙක් වෙලා..
ලගින් හිටියෙ නැති ටික කාලෙට
ඔයා හුඟාක් වෙනස් වෙලා..

අපේ හීන මුලින් නොයා
ගියා කියා ඉවත් වෙලා..
සසුම් හොරෙන් ලගින් තියාගෙන
සිටියේ මං තිගැස්සිලා..
ඔයත් ටිකක් වෙනස් වෙලා..

තනිවුන කුසුමක තනිකම මැකුවේ ඔබ විතරක් හින්දා
දවසෙම හිනැහුන හිත හැම රෑකම තනියෙන් ඉකිබින්දා
අකලට කදුලින් නා කපනා වැහි වැසුවේ මං හින්දා
ගෙන යන්නම් කැන්දා...

අපි වෙනුවෙන් අපි තනියම හිටිහැටි අපිවත් දන්නෑ
ලොවට හොරෙන් කල කී දේවල් කවුරුත් දන්නෑ
මගේ ලොවට ඔබ හැර වෙන සැලසුම් මට කිසිවක් නෑ
ආයෙත් අපි තනිවෙන් නෑ...

ඔයා දිහයි බලන් හිටියෙ...

ගායනය :දයාසිරි ජයසේකර සමඟින් ගයනි මධූෂා
තනුව, පද - මාධව හේවාවසම්


Comments