ඉකිගසා හඬන - අමරසිරි පීරිස් | Ikigasa Hadana - Amarasiri Peiris (Samanala Sandwaniya)


ඉකිගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා...

හීනෙන් හිනැහී තුන්යම මා රවටා..
මැදියම් මහ රෑ අදටත් දුක ඉඟිලෙනවා..
නින්දෙන් ඇහැරී කළුවරේම යලි සොයනා..
මට මගේ නොවන..මගේම ආදරයක් තිබුණා..
මගේම ආදරයක් තිබුණා..

රිදුමක් වගේ කිසිදා සුව නොවෙනා..
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා..
මුහුණනු බැරිතැන උණු කඳුළුම වගුරුවනා..
මට මගේ නොවන..මගේම ආදරයක් තිබුණා..
මගේම ආදරයක් තිබුණා..//

ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : අමිල තේනුවර
සංගීතය : දර්ශන රුවන් දිසානායක
“සමනල සංධ්වනිය“ චිත්‍රපටයේ ගීතයක්

Comments

  1. මගේ ජීවිතයට ගොඩක්ම සම්භන්ධ පද වැලක්. හදවත ගබුරටම කාවදින සංගීතයක්. ගීතයටම ගැලපෙන හොද ගැඹුරු කටහඩක්. අනිවාරෙන්ම මේ ගීතයට සම්මානයක් හිමිවිය යුතුයි. රූපවහිනියේ මේ චිත්‍රපටය ගැන කතා කරන වාර්තා වැඩසටහනක, ඒක නරඹපු කෙනෙක් පුදුම කතාවක් කිව්වා. "මට මගේ නොවන...මගේම ආදරයක් තිබුණා..." කියන එක කවදාවත් වෙන්න පුළුවන් දෙයක් නෙවෙයිලු. එය දන්නේ නැතුව ඇති. ඒත් මගේ අත්දැකීමනම් එහෙම ඒකපාර්ශවික ආදරේ නොවිදපු කෙනෙක් නැති තරම්. හැබැහින් ආදරේ නොලැබුනත් හිතින් ආදරේ කරන මිනිස්සු කොයිතරම් ඉන්නවද....

    ReplyDelete
  2. ow mama obage kathawata ekagai.

    ReplyDelete
  3. to § nišh §September 26, 2013 at 8:26 PM

    ow saho ekangai oyath ekka mamath

    K
    umaC

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...