සිතුවිලි ගංගා - චන්දන ලියනආරච්චි | Sithuvili ganga - Chandana Liyanaarachchi


සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනා
කඳුලක් වී සුළ‍ඟේ පා වේවා
සුසුමන් හැඬුවා ඒ ඔබ හින්දා
ආදරයට සිවු වසරක් ගෙවුණා
ආදරයට සිවු වසරක් ගෙවුණා

රතු මල් කළඹක සුවඳ ගලා ගිය
මනරම් වූ ඒ හැන්දෑවේ
සුදු මල් අහුරක් අතින් තුරුලු කර
කවුරුද හොර රහසෙම හැඬුවේ
කාටද පෙම් ලොව දුක දැණුනේ

සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනා...

පෑයූ රන් දේදුනු නිල් අහසේ
වැහි කෝඩෙන් සැඟවී යනවා
මනමාලී ඔබෙ විකසිත පැතුමන්
පවු කල දෑසින් පාරනවා
රෑ සඳ මගෙ තනියට එනවා

සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනා...


ගායනය - චන්දන ලියනආරච්චි
සංගීතය - ජයසිරි අමරසේකර
ගී පද - චන්න ජයනාත්


Comments

  1. පද රචනය - චන්න ජයනාත්
    සංගීතය - ජයසිරි අමරසේකර

    ReplyDelete
    Replies
    1. එළ කිරි :-) මේ දෙන්න එක කාලයක් තරගෙට සින්දු හදපු දෙන්නෙක් නේද?

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...