දුදනොද බිඳ (මගෙ කුකුළා නැසූ එකා) - සුනිල් සාන්ත | Dudanoda binda lada teda kanda (mage kukula nasu eka) - Sunil santha


දුදනොද බිඳ බඳ තෙද කඳ
කඳ දෙවිරද සාමිනේ //

මගෙ කුකුළා නැසූ එකා...
මගෙ කුකුළා නැසූ එකා
දදය ඔබගෙ පාළුය කා
මගෙ කුකුළා නැසූ එකා
දදය ඔබගෙ පාළුය කා
තව එක බුද දිනක් කකා
ඉන්නට ඉඩ නොදී මකා

බලා එල්ල හෙලුව හෙල්ල
මුලමැ බෙල්ල මරු තැනේ

කතරගමට රුහුණු රටේ
හිඟා කකා ලබන විටේ
කතරගමට රුහුණු රටේ
හිඟා කකා ලබන විටේ
පයින්මැ ගොස් ඇවිද වටේ
පොළොවැ උලා නළල් ඇටේ

දිගට ඇදී...
දිගට ඇදී නැග පැහැදී
මහ හඬ දී දෙවියනේ
දිගට ඇදී...

රනින් කුකුළු රුවක් පුදමි
රිදියෙන් බිජු අටක් පුදමි
රන් දුනු හී දෙකක් පුදමි
රුවට රිදී රුවක් පුදමි

කතරගමේ...
කතරගමේ බල මහිමේ
දුටුද එමේ හැම තැනේ
කතරගමේ...

කියමින් නම කුරැ ඔබගේ
බොලඳුන් ගෙ ද කිරි තුඬගේ
රඟ දෙන්නට වඩමි අගේ
එකතින් හිමි සඳුනි මගේ

දුදනොද බිඳ බඳ තෙද කඳ
කඳ දෙවිරද සාමිනේ //

මට කළ මෙවිපත අනේ
බලාගන්න දෙවියනේ
මට කළ මෙවිපත අනේ
බලාගන්න දෙවියනේ
වැජඹෙන නා වෙ විමනේ
බලන්න නා සාමිනේ

නා සාමිනේ...


ගායනය, සංගීතය - සුනිල් සාන්ත
ගී පද - රුපියෙල් තෙන්නකෝන්




වැඩි විස්තර මල් කැකුළු අඩවියෙන්
(කරුණාකර මෙම ගීතයේ සදොස් තැන් නිදොස් කරගැනීමට සහය වන්න)

Comments

  1. මේක අහලම තිබුනේ නෑ ! පස්ට පස්ට !

    ReplyDelete
  2. machn meeke ridiyen biju 8 k pudami kiyala neda enda oni..

    ReplyDelete
    Replies
    1. ඔබ හරි.. නිවැරදි කලා :-) ස්තූති වේවා...

      Delete
    2. Na . Mehi paminiya yuththe , " ridiyen bijuwatak pudami " lesataya .

      Delete
  3. පලමුවෙන් මේ කරල තියෙන වැඩේ අගයන්ඩ ඔනේ. සිරවටම එළ..

    මේ සින්දුවෙ දුදනොද බිඳ ලද තෙද කඳ කියන තෙන "ලද" කියන වචනෙ මට අහෙන්නෙ "පඳ" කියල ..
    පඳ කියන්නේ පාමුල කියන එකට සමාන් වචනයක්.

    මන් හිතන්නේ,

    "දුදනොද බිඳ පඳ තෙද කඳ" කියල කිවුවොත් දුදනන්ගේ ඔඳ පාමුල බිද දැමු තෙද කඳ, කඳ දෙවිරද සාමිනේ කියල සින්දුව පටන් ගන්ඩ ඇති කියල මට හිතෙන්ව.. ශබ්ධකෝෂයකිනුත් වචනේ හොයල බලන්ඩ..

    ජය වේවා...!

    ReplyDelete
    Replies
    1. ස්තූති වේවා... ඒ සැකය මටත් තිබුණා... මට ඒ වචනෙ ‘බඳ‘ කියලත් ඇහෙනවා... ‘බඳ‘ කියල හිතුවත් තේරුමක් එනවා... වඩා හරි වචනෙ තෝරගන්න අමාරුයි.. ශබ්ද කෝෂවලත් විශේෂ දෙයක් හොයාගන්න බැරි වුණා. තව කවුරුවත් දන්න කෙනෙක් මේ ගැන ටිකක් විස්තර කලොත් හොඳයි වගේ...

      Delete
    2. Mama mewara usaspela karana kenek . Sinhala wishaya hadaranawa . Apita Sinhala walata oya samastha kawiyama thiyanawa. Eke thiyenneth , " lada Theda kanda " kiyana eka . Mokada , e kotasin kiyawenne , " thejaskandaya labuwawu " kiyana theruma . E kiyanne , " durjanayange oda binda , thejaskandaya labu dewiyani kiyana theruma " ..... Mehi mul pitapatha athi , prathama mudranaya 1952 lesa dakwa thibena , bandi akuru athi , rapiyel thennakon mahathage pothakada aththe , " lada Theda kanda " lesataya .

      Delete
  4. ඒ වචනෙ ‘බඳ‘. Ethakota wakiye theruma, dudanange oda bindeemen bandunu (Bandagath) thejas kandaraawa kiyala kiyawenawa.

    ReplyDelete
  5. Wachanawala weradi tiyenawa. Pasuwa niweradi karannam.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... :) දැනට නිවැරදි කරා..අඬුපාඩු ගැන හැකි විටම දැනුම් දෙන්නයි ඉල්ලා සිටිනවා..!

      Delete
  6. Mmm.... weraddak wela... :) "දුදනොද බිඳ බඳ තෙද කඳ" wiya yuthui.

    ReplyDelete
  7. 1. දුදනොද බිඳ බඳ තෙද කඳ

    2. දදය ඔබගෙ පාළු යකා

    3. කියමින් නම කුරු ඔබගේ
    බොළඳුන් ගෙ ද කිරි තුඬගේ
    රඟ දෙන්නට වඩමි අගේ
    එකතින් හිමි සඳුනි මගේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... මේ වචන හරියට හරි!

      Delete
  8. 1. dudanange oda bindalaa banagath thejas kandaraawa

    2. Obe dhajaya paalu kala yakaa (Dhajaye sankethaya kukula)

    3. Obe nama kiyamin, ladaruwange pawaa muwagehi raw dena widiyata oba gana age wadanawa. (eka hithin guna wayanawaa)

    ReplyDelete
  9. Sunil shantha mahathaa gayana geethaye thibena "එබසින් හිමි සඳුනි මගේ" kiyana kotasa Ivor Dennis mahathaage geethaye thibenne එකතින් හිමි සඳිනි මගේ kiyalaa. Liyaa thibena padha maalawe thibenneth e widiyatai.

    Sunil shantha mahathage geethaye thibena "වැජඹෙන නා මෙ විමනේ" kiyana kotasa Ivor Dennis mahathaage geethaye thibenne "වැජඹෙන නා වෙ විමනේ" kiyala. Mata hithenne e yeduma wadaa niweradi kiyala.

    "වෙ විමන" = Weyange wimaanaya.
    Weyange wimaanaya = Thumbasa.
    "වැජඹෙන නා වෙ විමනේ" = Weyange wimaanaye (thumbase) wajambena naagayaa.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. මේ ගීතයේ වචනවල තේරුම දන්න කෙනෙක් මේ ගැනත් ටිකක් විස්තර කලොත් හොඳයි වගේ...
    https://youtu.be/TG6mfLBvo9c
    Me link eka copy karala search bar eke paste karala enter karanna. Ethakota geethaya ahanna (balanna) puluwan. Sampoorna geethayama ahala balanna. Winishchaya mandalaye adahas dakweema ganath monawahari kiyanna puluwannam wadaa hondai.

    ReplyDelete
  12. සිංහල භාෂාවේ පවත්නා ශබ්ද ධ්වනිය හා අර්ථ ධ්වනිය ස්වකීය මාත‍්‍රානොඉක්මවා සම්මිලනය වූ පද්‍යමය අවස්ථාවක් මෙයින් දැක්වේ. මේ මහා හෙළයකු වූ කවියර රැයිපියෙල් තෙන්නකෝනුන් විසින් පබඳනා ලද රසැති පැදියෙකි. හෙළය ඉහළට එළවන්නට මහ වැර දැරූ මහ කවියෙකි හේ. ඔවුන්ගේ වවුලූව ආදී මහා කවි පොත් ඊට දෙස්ය. මේ පැදිය ගීයක් වූයේ හෙළ මියැසියේ ගදඹාණ කෙනෙකුන් වූ සුනිල් සාන්තයන්ගේ මිහිරි ගැයුමෙනි.
    මෙහි වස්තු විෂය තද ගැඹුරු බවක් නොපෑවද පැදියේ අනුභූතිය ඉහළ තැනක බෙජෙයි. වස්තු විෂය වූ කලී ගැමියෙකු තමා සතු කුකුළා සොරා කෑ සොරු නසන්නැයි නා තුරු විමන සංහිඳක් තනා වතාවත් කැර කතරගම කඳ කුමරුන්ගෙන් කරන බලතර ඉල්ලීමකි. එසේ කළ හොත් දෙවියන් වෙත බාරහාර ඔප්පු කිරීමක්ද ඔහු කරන බවක් කියැවේ. එහෙත් කවියා මේ පැදිය නම් කරනුයේ හැවිල්ල නමිනි. හැවිල්ල නම් ශාප කිරීමයි. හැවීම යනුද එයමැයි. එළෙස හැවීම යනු නොයොදා හැවිල්ලයි කී කළ එම වදනේ කිසියම් කවියටම සුදුසු සරල සුගම මටසිළිටු ජන කවි වහරෙහි දැක්වෙතියි යන හැඟුම උපදවයි. නුමුසු හෙළ බස සුබැසිව ඔද ඇතිව තෙද ඇතිව හසුරුවනුයේ මෙලෙසැයි කියන්නට ගත් ඉතා හොඳ ආයාසයක් මම මෙහි දකිමි. පැදියට මුල පිරෙන අනුභූතිය අනුභවයෙන් වින්දනයෙන් පරිභෝජනයෙන් දැනීමෙන් හා අවබෝධයෙන් කිවියා ලද හැඟුම් කුළු ගන්වයි.
    බසෙක ඔද හෙවත් ඔජස් ගුණය නොසැලෙන බව හෝ ගර්වය හෝ දීප්තිය හෝ ශක්තිය හෝ වන්නේ යැයි කියවේ. තෙද හෙවත් තේජස යැයි ගනුයේ දීප්තිය ප‍්‍රභාවය හෝ පරාක‍්‍රමයයි. නුමුසු හෙළ බසේ ඔද තෙද යැ මේ පැදියෙන් දිස්වන්නේ.
    දුදනොද බිඳ යැ කී කළ කඳ කුමරුන්ට වෙසෙසිය. කඳ කුමරු ලොව පහළ වන්නේම තාරක නම් අසුරයාගේ ඔද බිඳ ලන්නටය.මේ පද යෙදුමෙන් හැඟැවෙනුයේ ලොවෙන් නරක තුරන් කැරෙන බවකි. ”බඳ තෙද කඳ කඳ දෙව් රද සාමිනේ” නරක දුරහැර බැඳි තෙද කදින් යුත් කඳ දෙව් රජුනි යි කඳ කුමරු මෙහි ඇමැතේ. මෙයින් අප හද නැගෙනුයේ භක්ති රසයයි. මේ මහත් බැතින් කෙරෙන ඇමුතුමෙකි. සම්ප‍්‍රදායයක් වශයෙන් දෙවියන්ට කරන ගතානුගතික කන්නලව් වලදී ඔවුන් කළ වීරක‍්‍රියා දැක්වූ බල පරාක‍්‍රමයෙන් ආදිය සඳහන් කරන්නේමය. දුදන ඔද බිඳ යැ කීමෙන් කතරගම දෙවියන් මනු ලොවෙහි පෑ සියලූ බල පරාක‍්‍රමයන් ප‍්‍රපංචනීයත්වයෙක් ගත් බවක් පෙනේ. ”සාමිනේ” යන වදන ගත් කල එයින් බැගෑ බවක්ද ඒ පරයා නැගෙන දළ බල කිරීමක්ද ඇතැයි මට හැඟෙයි. දෙවියන්ට මේ අවනඩුව අසන්නටම හිත් දෙන අයුරින් එය ලියැවී තිබෙයි. එසේම ගැයෙයි. නොඅසා සිටිය නොහැකි වෙයි. මෙයින් දෙවියන් වෙත එළඹ මහා අඳෝනාවක් නගන්නෙකු සිහි ගැන්වෙයි.

    http://www.lankadeepa.lk/index.php/articles/377593

    ReplyDelete
  13. මේ ගීතයේ yanuwen mama adahas kale "දුදනොද බිඳ (මගෙ කුකුළා නැසූ එකා) - සුනිල් සාන්ත" gayanu labana geethaye nowei.

    " https://youtu.be/TG6mfLBvo9c " link eka magin dakwena YouTube video eke "Nawa parapure gaayakayaa wisin gayanu labana geethaye wachanawala theruma.

    Me link eka " https://youtu.be/TG6mfLBvo9c " search bar ekata copy snd paste kara entar karanna. Ewita adaala YouTube video eka daka ganeemata haki wei.

    Ema geethaya ithaama wishista bawa winishchaya mandalaya pawasanawa!!!

    ReplyDelete
  14. මේක නම් මම කොළු කාලයේ ඉතාම ජනප්‍රිය ගීයකුයි. නමුත්, පාසැලේ සාහිත්‍ය පොතේ තිබුනු රැපියෙල් තෙන්න්කෝන් ලිවූ කවියේ කතරගම දෙවියන්ට තර්‌ජනයකුත් කරලා තිබුනා කියලා මට හිතෙනවා.

    හින්දු-දෙමළ ජාතික කතරගම කැළේ විසූ තාපසතුමාට ගෑණු දෙන්නෙක් හිටියාලු. එක්කෙනෙක් දෙමළ අනික් එකී සිංහල. ඉතින් මේ යැදිල්ල කරන මිනිහා කියනවා කුකුළා මරපු එකාට දඬුවම් නොකළොත් ඔයාගෙ කෙල්ල මම අරන් එනවා වගේ එකක්. මට මේක මතක තියෙන්නේ, ඒක හාස්‍ය ජනක හා දේව විශ්වාසයයට සරදම් කරන එකක් කියලා හිතේ ඇඳිලා තිබුන නිසායි.

    1950ස් ගණන්වල සිංහල අය කතරගම ගියේ වැඩියෙන් ගිණි පෑගිල්ල බලන්නයි. ඒවා ඒ දවස්වල කළේ දෙමළ අයයි. සිංහල මිනිස්සු ටුවරිස්ට්ලා වගේ ගිහිං බලා හිටියා. ඒ දවස්වල අයට අද වගේ තද දේව භක්තියක් තිබුනේ නෑ. රෙස්ට් හවුස් වල නවතින්නේ නැතිව සිංහල අයට නවතින්න 'කතරගම මඩම' කියලා ශාලාවක් හැදුවා මට මතකයි. ඒ කාලේ මැණික් ගඟේ මාළු අඟේ හැප්පි හැප්පි ගියා මතකයි.

    අර සාහිත්‍ය පොත ගුණසේන සමාගම විසින් 1950ස් ගණන්වල පල කරපු හත්‌වෙනි ශ්‍රේණියේ පොතකුයි. අමෙරිකාවේ ඉන්න මේ මහල්ලාට ඒක හොයන්න බෑ.

    ReplyDelete
  15. methana mata hagena widiyata podi niwaradin kirimak karanna kamathi... දදය ඔබගෙ පාළු යකා kiyana padaya දදය ඔබගෙ පාළුය කා widiyata thama enna one kiyalai mata hagenne..kanda kumaruge dajaye sitinne saula nisath kukula mara aharayata gath nisath ese wiya haki bawa mage mathayai..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. එහෙම හැදුවා!

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. Richard Nikapitiya වචන වල තේරුම ගැන අවුරුදු 4 කට ඉස්සෙල්ලා වුනත් දාපු කමෙන්ටුව දැක්කහම වචන වල තේරුම ගැන දිගට ලියන්න හිතුනා.

    https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94_%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD_%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%BD%E0%B7%8A_%E0%B6%AD%E0%B6%9A%E0%B7%80%E0%B7%92_%E0%B6%B4%E0%B6%AF_%E0%B6%BB%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA_%E0%B6%9C%E0%B7%90%E0%B6%B1_%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A_%E0%B6%87%E0%B6%AD%E0%B7%92_%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B0_%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8A_%E0%B7%83%E0%B7%84_%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB_%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...