අහස ගුගුරා - නන්දා මාලිනී | Ahasa gugura - Nanda Malini


අහස ගුගුරා අකුණු පුපුරා
මගේ හිත වැන්දඹු උනා

වසාගන් දොර මගේ හිමියනි
නුඹට රිසිනම් යන්ට යන්නෙමි

කාලයක් නැති තාලයක් නැති
විජිතයේ කටු ඔටුනු හැර යමි
කාලයක් අපි ආදරෙන් සිටි
සොඳුරු මතකය අරන් යන්නෙමි

වසාගන් දොර මගේ හිමියනි
නුඹට රිසිනම් යන්ට යන්නෙමි

බැන්ද රන් දම් මගේ ගෙල වට
මුදා විසි කොට අඬන අහසට
මගේ සිහිනයේ නුඹ නිදන් කොට
කුරුටු ගී දහසක් ලියන්නෙමි

වසාගන් දොර මගේ හිමියනි
නුඹට රිසිනම් යන්ට යන්නෙමි //


ගායනය - නන්දා මාලිනී
සංගීතය - නදීක ගුරුගේ
ගී පද - සුමිත්‍රා රාහුබද්ධ





නදීක ගුරුගේ විසින් ගැයූ නියාමන අනුවාදය




Comments

  1. නියාමන අනුවාදනයත් අපූරුවට රස වින්දෙමි.

    ReplyDelete
  2. අත්දැකීමක් නොවුනත් ජීවිතයට ගොඩාක් සමීප ගීතයක් වීම ඇත්තටම අපූරුයි.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...