සරසවි උයනේ නිල් තුරු සෙවනේ
අපේ සොදුරු ලොව අතීතයේ
මහවැලි ඉවුරේ නිසසල අරණේ
මැවූ සිහින ලොව බිඳී ගියේ
සීතල සිරිපොද වැස්සේ පෙර
දිනයක මේ අඩි පාරේ //
අප තනි වූ මැයි තුරුසෙවනේ මත
ඔබගෙනි උණුසුම සැදුනේ
සරසවි උයනේ නිල් තුරු සෙවනේ
අපේ සොදුරු ලොව අතීතයේ
මහවැලි ඉවුරේ නිසසල අරණේ
මැවූ සිහින ලොව බිඳී ගියේ
පාළුව ඉහිරෙන අඳුරේ මා
තනිකර දා මෙහි සෙවණේ //
මතකය පමණකි ළඟ රැඳුනේ ඔබ
අද කොතැනද පිය නැඟුවේ
සරසවි උයනේ නිල් තුරු සෙවනේ
අපේ සොදුරු ලොව අතීතයේ
මහවැලි ඉවුරේ නිසසල අරණේ
මැවූ සිහින ලොව බිඳී ගියේ
ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය - එච්.එම්. ජයවර්ධන
ගී පද - කුලරත්න ආරියවංශ
Evoke Music

මම කාලෙක ඉඳන් සෙව්ව ගීයක් අද අහන්න ලැබුණා. මීට පෙර එකම එක අවස්තාවක විතරයි මේ ගී ය අහලා තිබුනේ.ඒදා ඊදින් මේවනතුරු හෙව්වත් හොයාගන්න බැරිවුණා.
ReplyDeleteමේ ගීය ඇතුලත් ගීතැටිය ගැන තොරතුරක් දෙන්න පුළුවන්නම් නියමයි.