පින් මන්ද රංග භූමියේ - සේනානායක වේරලියද්ද | Pin manda ranga bhumiye - Senanayaka weraliyadda


පින් මන්ද රංග භූමියේ
පෙම් බැන්ද සිංහ සීවලී
නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ
මං සිංහයාට බයයි නංගියේ
මං සිංහයාට බයයි නංගියේ

වැදි රජ සමගින් අවසැඟ
මනමේ කුමරිට රැවටුණ //
මනමෙ කුමරා මමයි නංගියේ
ධනුදර වුණාට ඉහත සංදියේ
ධනුදර වුණාට ඉහත සංදියේ
මං සිංහයාට බයයි නංගියේ
මං සිංහයාට බයයි නංගියේ

පින් මන්ද රංග භූමියේ...

දුනු කඩු මොටදැයි ප්‍රේමෙට
වෙඬරු සදිසි උණු වෙන සිත් මිස //
තිරය මෑත් කරන වංගියේ
අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ
අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ
මං සිංහයාට බයයි නංගියේ
මං සිංහයාට බයයි නංගියේ

පින් මන්ද රංග භූමියේ
පෙම් බැන්ද සිංහ සීවලී
නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ
මං සිංහයාට බයයි නංගියේ
මං සිංහයාට බයයි නංගියේ

මං සිංහයාට බයයි නංගියේ ///



ගායනය, සංගීතය - සේනානායක වේරලියද්ද
පද රචනය - වසන්ත දුක්ගන්නාරාල



Comments

  1. ඇත්තටම වේරලියද්ද දැන් කෝ.. කාලෙකින් ගී ගයනවා දුටුවේ නැහැ. අලුත් සිංදු කිව්වෙත් නෑ.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...