පෙරදා මහ රෑ - නන්දා මාලිනී | Perada maha re - Nanda Malini


පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬළේ
මුහුණ හොවා ගෙන ළසොවින් වැළපුන
ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය
කඳුළක කැළලක් ඉතිරි වෙලා //

උරහිස තැවරී වියැළුණු කඳුළෙන්
ඔබගේ සුනරුත් පැතුමක ගිණි ඇත
සදා දැවෙන්නෙමි ඒ ගින්නෙන්

පෙරදා මහ රෑ...

ඔබහට පෙම් කළ යුගය නිමා කර
වෙන් වී යන්නට දවස පැමිණ ඇත
සමාව දෙන් මට සෙනෙහෙ සිතින්

පෙරදා මහ රෑ... //


ගායනය - නන්දා මාලිනී
ගී පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - ස්ටැන්ලි පීරිස්



වීඩියෝව - SaGa


Comments