චන්ද්‍ර බිම්බයුරු ඔබෙ වත පවසයි
මෘදු හදවතක තතු..
ඉන්ද්‍රනීල මිණි සේම දෙනෙත් යුග
නොකරමි දිනක රතු..//
අන්ද මන්ද දැඩි චන්ඩ සිතුම් ඇති
පුඟුලන් මැද දෙරණේ..
ඉන්ද්‍රඛීලයක් සේ මම ඉන්නෙමි
නිරතුරු ඔබ සෙවනේ...
චන්ද්‍ර බිම්බයුරු...//
අදත් සිනාසී හමුවූ අයුරින්
භින්න රුචික මෙලොවේ...
හෙටත් උදෑසන පිබිදෙන දෑසින්
අප හමුවිය යුතු වේ...
චන්ද්‍ර බිම්බයුරු...//
ගායනය : නාරද දිසාසේකර
සංගීතය : නාරද දිසාසේකර
පද රචනය : කරුණාරත්න අබේසේකර
මෙහි දෙවන කොටසේ ඉඳුරන් යන්න "පුඟුලන් මැද දෙරණේ" යනුවෙන් වෙනස් විය යුතුය. පුඟුලන් යනු පෘතග්ජන්යන්ය. මෙහි රචකයා මඩවල එස් රත්නායක ලෙස රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ "සංසාරේ අපි" නම් ගීත විචාර පොතේ සඳහන්වේ. එම පොතේ මෙම ගීතය ගැන හරවත් විචාරයක්ද ඇත
ReplyDeleteවෙනස් කළා.. ස්තූතියි :-)
Delete