මදහස් පාලම - තිලිණ රුහුණගේ සමඟින් කුෂානි සඳරේඛා | Madahas Palama - Thilina Ruhunage ft Kushani Sandareka



මදහස් පාලම නැගලා එන්නට නොකියා මට කීවා...
හිතුවක්කාරෙට සිතනම් ඈතට කොහෙදෝ පියමැන්නා..
දෙනුවන් චාමර සැලෙනා තාලෙට රහසක් එහි රන්දා..
මෙතුවක් ඈතට මාගෙන ආවට දැනුනේ නැ සීමා...

සඳකත් රැයකදි තාරුකා - සරදම් ඉවසා ආ..
හිරිකඩ සීතල ගෑවිලා - ආදරේ දැනුනා
දැනුනා....ජීවිතේ පිරුණා....

නවතින්න නොඅසා ලමැදේ
ඉඩ දුන්නෙ කවුරුන්දෝ..
සිත දුන්නෙ නැ ඉන්නත්, පිටුපා...
මට මේ තරම් බර සසුමක්
බොරුවක් කියන්නට ඇතිදෝ
නිස්කාරනේ...සීමා බදීවී අළුතෙන්..

සංසාරේ දුටු පාරේ දැනුනාම හුරුපුරුදු...
ඔය ඇස් කතාකෙරුවා නැවතී..
අදහන්න හැකිදෝ කියලා මම මාගෙන් අහපූ
බව දන්නෙ නැ ඔබ දන්නවාද කියලා..

ගායනය : තිලිණ රුහුණගේ සමඟින් කුෂානි සඳරේකා
පද රචනය : විමලක මුහන්දිරම්
සංගීතය : තිලිණ රුහුණගේ
“චැලෙන්ජස්“ චිත්‍රපටයේ ගීතයකි.



Comments