බොල්පිණී වෑහෙන වේලාවේ - රූකාන්ත ගුණතිලක | Bol pini wehena welawe - Rookantha Gunathilake


බොල්පිණී වෑහෙන වේලාවේ
ඔබගෙන් සමුගෙන යා යුතුවේ
තාමත් ඔබ ඇත සුව නින්දේ
ඒකයි මා නොකියා යන්නේ //
බොල්පිණී වෑහෙන වේලාවේ

ගැලපිට නැගලා ඈත ගම් බලා
පියමන් කරවන්නේ
තවත් නිවහනෙක ගිමන් නිවනතුරු
ඔබ සිහියට එන්නේ
ඔබගෙන් සමුගෙන මා යන්නේ

ඔබ අවදිව මා සොයනු එපා
ඈතයි මා ඉන්නේ
තවලම්කරුවෝ කවරදාක හෝ
එකම තැනක උන්නේ

බොල්පිණී වෑහෙන වේලාවේ
ඔබගෙන් සමුගෙන යා යුතුවේ
තාමත් ඔබ ඇත සුව නින්දේ
ඒකයි මා නොකියා යන්නේ //
බොල්පිණී වෑහෙන වේලාවේ


ගායනය - රූකාන්ත ගුණතිලක
සංගීතය - රූකාන්ත ගුණතිලක
ගී පද - සරත් සී. ප්‍රනාන්දු



Comments

  1. බොහොම කාලෙකින් අහපු සිංදුවක්..

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...