හා මල් පිපෙන්නෙ - ක්‍රිස්ටෝපර් පෝල් | Ha mal pipenne - Christopher Paul


හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා //

ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය
ඔබෙ රුව හන්දා
පැල්කවියට ගැමි ගීයට කවුරුත් මන බැන්දා
කණට කරට රන් අබරණ මුතු මාලය පට සේලය
මට නැති හන්දා
මගේ පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා

හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා //

අහල පහල නිළමෙලාට ටිකිරිලාට ගෙදර අයට
බොරුවක් කියලා
ඔරු පදින්න ගී ගයන්න ඔබ එනවද මැණිකා
උදේ සවස මේ දොළ ළඟ අර වැට ළඟ ගං ඉවුරේ
මම සැඟවී ඉන්නම්
පෝය දාට වන්දනාවෙ නුවර යන්න එන්නම්

හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා //

ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය
ඔබෙ රුව හන්දා
පැල්කවියට ගැමි ගීයට කවුරුත් මන බැන්දා
කණට කරට රන් අබරණ මුතු මාලය පට සේලය
මට නැති හන්දා
මගේ පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා

හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා //



ගායනය - ක්‍රිස්ටෝපර් පෝල්
සසංගීතය - පී.එල්.ඒ. සෝමපාල (lou monte - che la luna mezzo mare ගීතය ඇසුරින්)
ගී පද - ගුණරත්න අබේසේකර



Comments

  1. ක්‍රිස්ටෝපර් පෝල් වැනි ශිල්පීන්‍ෙ ඕනෙම රෙකෝඩින් එකක හක හුස්මට සිංදු රෙකෝඩ් කරනවා. අදටත් එහෙමයි. මේවා තමයි නියම වොයිස් කියන්නේ.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...