ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිනු ආදරය සොරාගෙන
වෙනකෙකු නොවැ අද එන්නේ
මිහිර සොයා ගිය මගෙ ජීවය ගැන
කඳුලැලි හා ලතවන්නේ
සමාවෙයන් සොඳුරියෙ තවමත් මා
අතමයි වරද තියෙන්නේ
කුඩා රුවල මැද තනිව සයුර මැද
ඈත අතීතය දෙස බැලු ඈ
කොහේ සිටන් කොයිබට මා යාවිද
මටනම් නැහැ වැටහෙන්නේ
රන් තරු පායන අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිනු ආදරය සොරාගෙන
වෙනකෙකු නොවැ අද එන්නේ
පලා දෙපලුකර හදවත දේ නම්
කාට එකතු කල හැක්කේ
බලාගන්න සෙනෙහස තව ඔබටයි
මා හද තුල හැමවේලේ
රන් තරු පායන අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිනු ආදරය සොරාගෙන
වෙනකෙකු නොවැ අද එන්නේ
මිහිර සොයා ගිය මගෙ ජීවය ගැන
කඳුලැලි හා ලතවන්නේ
සමාවෙයන් සොඳුරියෙ තවමත් මා
අතමයි වරද තියෙන්නේ
සමාවෙයන් සොඳුරියෙ තවමත් මා
අතමයි වරද තියෙන්නේ //
ගායනය - කීර්ති පැස්කුවල්
ගී පද - ස්ටැන්ලි පීරිස්
සංගීතය - ස්ටැන්ලි පීරිස්
nalinsra
මම අහල තියෙන විදියට මේ ගීය මුලින්ම ස්ටැන්ලි පීරිස් ගයපු ගීයක්. ඊට පස්සේ දෙවනුව තමයි කීර්ති ගයලා තියෙන්නේ.
ReplyDeleteස්ටැන්ලි පීරිස් ගැයූ ගීය ගුවන්විදුලියේ තැටියක් විදියට තවමත් තියෙන බව මට කවුරු හෝ කලකට ඉහතදී කිව්වා.
ඒ වගේම මේ ගීය තමන් මුලින් ගැයූ බව ස්ටැන්ලි පීරිස් ජීවත්ව සිටියදී පිලිඅරන් තිබුණා මතකයි.
මේක කීර්ති අතට පත්වෙන්නේ ෆෝචූන්ස් වාදක මණ්ඩලයේ කීර්ති හිටපු නිසා.
මම නම් මේක අහල තියෙන්නෙ කීර්තිගේ හඬින් විතරයි. නමුත් මේ වීඩියෝවෙ තියෙන විධියට මුලින්ම කියල තියෙන්නෙ ස්ටැන්ලි වෙන්න ඕන. :-)
Deleteඔව් නේද? ඕන් හැදුවා!
ReplyDeleteSUDU ANDAGENA SANDA AWIDIN -DIWUL GANE
ReplyDeleteCHORD DANNAKO
Should be "Mihira soya giya" ?
ReplyDeleteExactly! Thanks!
Delete