මේ සෞම්‍ය රාත්‍රිය - ධර්මදාස වල්පොල | Me saumya rathriya - Dharmadasa Walpola - sinhala lyrics


මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතේ
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී//

රමණී හැඟුම් පෑ උතුම් දර්ශනේ
රන් තාරකා හා ගියා සේ පෙනේ//
සේපාලිකා සේපාලිකා
මාගේ අමානන්ද මේ කෝ අනේ
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී

මේ සෞම්‍ය රාත්‍රිය...//

සංකාව හර්දේහි ඒවී ගලාලා
කොයි වේලෙ ඒදෝ කියාලා බලාලා//
ආනන්ද රාත්‍රි සෞම්‍යකාන්ති
ආදරීගෙ වියෝවින් පෙළේ
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී

මේ සෞම්‍ය රාත්‍රිය...


ගායනය - ධර්මදාස වල්පොල
සංගීතය - සතුර් සහ පී.වෙම්බු
ගී පද - හර්බට් එම්. සෙනෙවිරත්න
චිත්‍රපටය - සේපාලි (1958)

Comments

  1. සොහානී රාත් ඩල් චුකී.. 1949 තිරගත වූ දුලාරි හින්දි චිත්‍රපටය අයත් ගීයක්. මේ චිත්‍රපටය පාදක කර ගනිමින් 1958 සේපාලි නමින් සිංහල චිත්‍රපටයක් නිෂ්පාදනය වුණා. එහි සංගීත අධ්‍යක්ෂවරයා වූයේ ක්‍රිෂ්ණ මූර්ති. චිත්‍රප‍ටය නිෂ්පාදයකන්ගේ අදහස වුණේ සොහානී රාත් කියන ගීයට වචන යොදල චිත්‍රපටයට ඇතුළත් කරන්න. ඒත් ක්‍රිෂ්ණ මූර්ති කිවුවෙ අපි මේ වෙනුවෙන් ගීතයක් හදමු කියල. ඒ අනුව තමයි හර්බට් එම්. සෙනෙවිරත්න මේ ගීතය ලියන්නෙ.. ලබන්න මේ සුමධුර තනුව හින්දි ගීතය පරදවනව නේද කියල. ධර්මදාසගේ හඩත් එහෙමයි. - රොෂාන් රුබේරු -

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...