නියරේ පිය නගලා
මැණිකේ ඔබ දුර එනවා
දැකලා වෙහෙස නිවී
සිත පිරුණා හද සෙනෙහස දැණුනා
සිත පිරුණා හද සෙනෙහස දැණුනා
රන් ගොයම් කරල් පීදෙන ඔබේ දෙස නැමේ
රන් රුවක් වගේ ඈතින් ඔබේ රුව මැවේ
ආදරේ දැනී මා හද සෝ සුසුම් නිවේ
වාසනාව පා වෙලා ගියා
නියරේ පිය නගලා...
සුදු අතින් උයා මා වෙත ඇඹුල ගෙන ඔයා
සෑමදා මෙසේ එනු මැන මල් සිනා සලා
ආදරේ දැනී මා හට සෝ සුසුම් නිවේ
වාසනාව පා වෙලා ගියා
නියරේ පිය නගලා
මැණිකේ ඔබ දුර එනවා
දැකලා වෙහෙස නිවී
සිත පිරුණා හද සෙනෙහස දැණුනා
සිත පිරුණා හද සෙනෙහස දැණුනා///
ගායනය - සමන් ද සිල්වා
සංගීතය - නිමල් ඩයස්/ අර්නස්‌ට් සොයිසා
ගී පද - වර්නන් පෙරේරා
Indiketi Hewage Rohan Indika

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...