ප්‍රේමයේ විල් තෙරේ
යෞවනේ මල් වනේ
ඇසෙන මේ ගී මියුරු රාවේ
සිතක ආරාධනා
ප්‍රේමයේ විල් තෙරේ
සුසුදු හසකැන් සලා
දෑස පෙරුමන් පුරා
පාළුවේ තනි වෙලා
කාටදෝ ඉඟි කලා
ප්‍රේමයේ විල් තෙරේ...
සීත පවනැල් ගලා
නීල තුරු මල් සලා
ආදරෙන් පිබිදිලා
ලෝකයම හිනැහිලා
ප්‍රේමයේ විල් තෙරේ...//
ගායනය - මාලනී බුලත්සිංහල
පද රචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - එච්.එම්. ජයවර්ධන
මේ ගීයේ සංගීතයේ ලොකු වෙනසක් දකිනවා. සමහර වෙලාවට මටම හිතෙනවා මේ එච්.එම්. ද කියලා.වේගයෙන් වැයෙන රිද්මයත් මාලනීගේ හඬත් දෙකම ගැලපෙනවා.
ReplyDeleteමේ ලංකාවෙ කැසට් යුගයේ ඒකියන්නේ අසූව දශකයේ සුන්දරම ගීත අතර රැෙඳෙන ගියක්.
මට නම් හිතෙන්නේ නිහඩව සිටියත්, සංගීතය ගැන ගැඹුරින් හදාරා නොතිබුණත්, එච්.එම්. ගේ තනුවලට අභියෝග කරන්න බැරි බවයි. ඒවා ඒ තරමටම මිහිරියි. නන්දා මාලිනියගේ පවා ජනප්‍රිය ගීත බොහොමයක සංගීතය එච්.එම්. ගේ.
ReplyDeleteනොමැකෙන රසයක් බෙදූ නම නොබෙදූ සංගීතවේදියා එච්. එම්
ReplyDelete