නුග සෙවණක් සේ ඔබට
සෙවණ සදන්නම් ළඳුනි
මද පවනක් සේ ඔබට
සිසිල සදන්නම් ළඳුනි...//
ගංගාවකි මා සුනිමල්
පවසට ඉන් පැන් ලබන්න...//
මල් සුවඳකි මා වනකල්
ඒ සුවඳින් සුවඳ වන්න
නුග සෙවණක් සේ...//
සද පහනකි මා නිකැලැල්
අඳුරට ඉන් එලිය ගන්න...//
ඔරුවක් වෙමි මම සැමකල්
දිවි සයුරෙන් එතෙර වන්න
නුග සෙවනක් සේ...//
ගායනය - සෝමතිලක ජයමහ
සංගීතය - සෝමතිලක ජයමහ
ගී පද - සුනිල් ආරියරත්න
This comment has been removed by the author.
ReplyDeleteමගෙ අතිනුත් වරදක් වෙලා.. ගංගාවකි මා සුනිමල් වෙන්න ඕනෙ..
Deleteනිවැරදි කලා. බොහොම ස්තූතියි!
Delete