වාදකයාණෙනි ඔබේ සිතාරය
සත්සර නංවන සුමිහිර රාවය
කෙතක ගොයම් නෙළනා ලඳුන්නේ
දෙතොලේ ගීයට මුසු කළ මැනවී...
අඬ අඳුරේ මන්මත් කල රාගය
තොලගාමින් මෝහයේ සුරාවිත
ආලිංගන නැටුමකට සාදය
කුමට වයන්නෙද එවන් සිතාරය
වාදකයාණෙන්...
නව ලොව එළි කළ අරුණාලෝකය
රන් කෙත කරනා සඳ ආලෝකය
සව් සිරි අස්වනු නෙළනා ගීතය
රසවත් කළ මැන වයා සිතාරය
වාදකයාණෙන්...
ගායනය - විශාරද සුනිල් එදිරිසිංහ
පද රචනය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
සංගීතය - පී.වී.නන්දසිරි
පැහැසරණිය මිනි පැමිනිය කියන සුනිල් එදිරිසිංහගෙ සින්දුව දෙන්න, ලොකු උදව්වක් දැන්ම දෙන්න
ReplyDeleteමෙ වගේ සින්දු විස්තර ඇතුව දුන්නට පිං, ගොඩක් රසිකයො ඔයත් එක්ක ඉන්නව හැමදාම......
ReplyDelete