සිත ඔබ පාමුල සතපා..
බිඳි සෙනෙහස ගිනි උහුලා..
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝතැවුල් නොම වේවා...//
අසුරු සැනක් වූ රුසිරු අතීතය
සිහිනෙන් ගෑ මුදු සුවඳක් සේ..//
සඳා රැදේවා...ඔබේ ලොවේ...
සිත ඔබ පාමුල...//
ඔබට පිදුම් වූ සිතක විලාපය
කැටපත් පවුරක ගීයක් සේ...//
සදා රැදේවා...ඔබේ හදේ...
සිත ඔබ පාමුල...//
ගායනය : දීපිකා ප්රියදර්ශනී පීරිස්
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහණ වීරසිංහ
පද රචනය: කුලරත්න අරියවංශ
ReplyDeleteසංගීතය: රෝහණ වීරසිංහ
💖💖💖
ReplyDelete