මේ ප්‍රථම වසන්තයයි
දිවි අරනේ මදු මල් පිපෙනා
බිගු රැව් නැගෙනා...
මේ ප්‍රථම වසන්තයයි
තරු මැවෙන තුරා නිදිබර අඹරේ
සඳු නැගෙන තුරා සිටියදි අදුරේ
ඔබ සුසුම් සදක් සේ පායා
පහන් රැයක් වී ආවේ...
මේ ප්‍රථම වසන්තයයි...//
සිත පවස දරා මිරිගුව අතරේ
දිය පහස පතා සිටියද කතරේ
ඔබ සිහිල් දොලක් සේ පාවී
වසන්තයක් වී ආවේ
මේ ප්‍රථම වසන්තයයි...//
ගායනය - සනත් නන්දසිරි
පදරචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - රෝහණ වීරසිංහ
තනුව රෝහණ වීරසිංහයන්ගේ .... :-)
ReplyDeleteස්තූති වේවා!
Deleteහිතට වදින ලස්සන සිංදුවක්
Deleteදිය පහස පතා සිටි ඇති කතරේ නොව දිය පහස පතා සිටියද කතරේ
ReplyDeleteබොහොම ස්තූතියි...වෙනස් කලා
Delete