මිණි මිණි පොදේ ළා අඳුරේ - නිරංජලා සරෝජිනී | Mini mini pode la andure - Niranjala Sarojini - sinhala lyrics


මිණි මිණි පොදේ ළා අඳුරේ
තෙමි තෙමි ගියදා
ඉඳහිට අදත් සිහිවෙනවා
සිරි පොද දැකලා //

ආසිරි මල් වරුසාවේ
නැහැ අපි තෙමුණේ
වැහි සිරි බලන්නට ඔබ නෑ
අද කුඩ සෙවණේ //

මිණි මිණි පොදේ ළා අඳුරේ
තෙමි තෙමි ගියදා
ඉඳහිට අදත් සිහිවෙනවා
සිරි පොද දැකලා

මා හෙලු කඳුළැලි පුරවා
වැහි කළු ඒවී
ඔබෙ පාමුල මුතු වරුසා
විසිරී යාවී //

මිණි මිණි පොදේ ළා අඳුරේ
තෙමි තෙමි ගියදා
ඉඳහිට අදත් සිහිවෙනවා
සිරි පොද දැකලා


ගායනය - නිරංජලා සරෝජිනී
සංගීතය - එච්.එම්. ජයවර්ධන
පද - ලූෂන් බුලත්සිංහල



වීඩියෝව ගත්තෙ මෙතනින් - Ilandari denage geethani mangalika

Comments