රෑ දුරු රට මේ - ඩබ්ලිව් ඩී අමරදේව | Ra Duru Rata Me - W D Amaradewa - sinhala lyrics


රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාළුවේ
මූදු සතකින් ඈත දේසේ
මා තනිවේ

කල්පනා ලෝ පෙම් දැහැනේ
සිතිජ නිම්නයේ
ඈ තනි යහනේ

රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාළුවේ

දෑත වෙන්වී පෙම් විහඟුන්
සිහින තොටුපලේ
රාත්‍රි යාමේ

රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාළුවේ

ගායනය - ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - සරත් දසනායක



වීඩියෝව ගත්තෙ මෙතනින් - Periwinklelk(ApArnA)

Comments

  1. අර්ථ විවරණයක් හෝ විචාරයක් දෙන්න පුලුවන්ද ???

    ReplyDelete
    Replies
    1. මේක බොහොම සරල අදහසක් තියෙන ගීතයක් වගේ. නමුත් හරියටම කියන්න තරම් දැනුමක් නැහැ.

      Delete
  2. වෙන රටක තනිවුනු කනෙක් තමන්ගෙ පාලුව කාන්සිය සහ ප්‍රියාවගෙන් වෙන්වීම ගැන තමයි මේ කියන්නේ.... හරිම හැගුම් බර ගීතයක් ....

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...