තටු දෙනවා‍දෝ - ජය ශ්‍රී | Thatu Denawado - Jaya Sri



තටු දෙනවා‍දෝ කිඳුරියේ ඔබ මට
ඉඟිලෙන්නම් සිහි‍නයේ ඉම සොයා

ඈතට පාවී ඈතට පාවී
යන්න මගේ කල්පනා
බොඳ වේවී ඔබෙ රුව බොඳ වේවී
සිතුවම් ඔබේ සිනා
දේදුණු පාට පාට ලෝකේ
තනි වෙමුදෝ තනි වෙමුදෝ
පාවෙන මංමත් සිහිනේ
හැර යමුදෝ හැර යමුදෝ

පාළු විජිතයේ අපි අද තනිවෙලා
ජීවිත කතරේ අතරමං වෙලා

ඔබේ දෙපා මුළ ඒ දෙපා මුළ
නැවතුනු මගේ ජීවේ
මෙලොවක් නැතිකර
තෙලොවක් යා කල
මගේ සොඳුරියේ
හමුවූ ‍මුල්ම දිනේ
ලොවම නැවතුනා නැවතුනා
රැඳුණා හදේ රැඳුණා
සිත සැළුණා සැළුණා

පාළු විජිතයේ අපි අද තනිවෙලා
ජීවිත කතරේ අතරමං වෙලා

හැරදා යන්න මට තනි වන්න
මගේ කිඳුරියේ
අවසර දෙන්න මට අවදි වෙන්න
නොනිමෙනා සිහිනයෙන්


ගායනය, සංගීතය - ජය ශ්‍රී




වීඩියෝව ගත්තෙ මෙතනින් - malithlowe

Comments