මම කැමතියි නෑනට - නෑනා කැමති නෑ මට | Mama Kamathi Nanata - Nana Kamathi Na Mata


ජයමංගල ගී තාලෙට..
පිඹ පිඹ බටදඬු නලා..
ජයපැන් බොන සෙබල රැලක්..
විලසට හඩ තල තලා..

රසකර මම පවසන්නෙමි..
මිණි කිංකිණි සොලවලා..
අසනු මැනවි අසනු මැනවි..
අසනු මැනවි තුටුවෙලා...

පරයන ඉඳුනිල් කැට..
දෙනෙතෙහි ඇති කැල්මට..
වසඟ නොවන්නේ කවුරුද..
නෑනගෙ එක බැල්මට..

මම කැමතියි නෑනට...//

මැල්ලුමකට වෙල් පළා..
නෙලන්න සිහිනිඟ සලා..
යන විට රණ මොණරි වගේ..
මගෙ හද කුල්මත් කළා..

මම කැමතියි නෑනට...//

පොත්ටික තුරුලට අරන්..
මුව මදහස රැලි පෙරන්..
පාසල් යන දෙවැට දිගේ..
නෑනා මගෙ රත්තරන්..

මම කැමතියි නෑනට...//

අඩසඳ වන් නළලතේ..
චන්දන තිළකය ඇතේ..
සිකිපිල වැනි වැනි කෙස් කළඹද..
කිතුල් රෑන පැරදෙතේ..

මම කැමතියි නෑනට..//

මුහුදෙහි රළ පෙල ගැසී..
ගමන සදිසි යන ලැසී...
ඇගෙයි මගෙයි ආදරයට..
ආසිරි මල් වැසි වසියි...

මම කැමතියි නෑනට...//

නහැඹුල් හද කිතිකැවී..
නව රසදුන් සරසවී..
මගෙ දුප්පත් පැලේ ඉන්න..
එනවද මධු මාධවී...

මම කැමතියි නෑනට...//

ඔබෙන් ලැබෙන තොත්තුවේ..
රසයට හද පත්තුවේ..
කිරි පැණියි වගේ ඉන්න..
එන්වද මගෙ වස්තුවේ..

මම කැමතියි නෑනට...//

කරදර බාධක මැද්දේ..
දිවි ගඟ පහලට ඇද්දේ..
ගල් පර දැක පෙරමුණේ..
මොන නදිය ද නැවතුනේ..

මම කැමතියි නෑනට...//

හසරැලි නැත්තම් මුහුණේ..
සිතුවිලි ලස්සන ද නැතේ..
වේදනාව නැති ලොවේ..
ජීවිත රසවත් නොවේ..

මම කැමතියි නෑනට...//

ගන්නට ඔබ වාඩුවක්..
නැහැ මට ඉන් පාඩුවක්..
හදමුද අපි කූඩුවක්..
වෙමුද පරවි ජෝඩුවක්..

මම කැමතියි නෑනට...///


ගායනය : සහන් ජයශාන්ත

(මුල් ගායනය සහ ගී පද - එම්. වී ගුණදාස)



වීඩියෝව ගත්තේ මෙතනින් Sahan Jayashantha - Virindu

Comments

  1. superbbbbbbb.......:)

    ReplyDelete
  2. කො මේකෙ
    මැල්ලුමකට වෙල් පළා
    නෙලන්න සිහිනිඟ සලා
    යන විට රණ මොණරි වගේ
    මගෙ හද කුල්මත් කළා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Sasika ඔන්න එකතු කලා...!

      Delete
  3. D.S.Gunasekara-BauerMay 27, 2014 at 6:00 PM

    His Name is Mr.Sahan Jayashantha

    ReplyDelete
    Replies
    1. Thanks lot Bro.. We r waiting 4 dis comment…! :) :D

      Delete
  4. නියමයි සහෝ... ඒත් පොඩ්ඩක් බලන්න. Video එකේ error එකක් එනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි supun වරද පෙන්නුවාට...ඔන්න අළුත්ම වීඩියෝ එක එකතු කලා...!

      Delete
  5. Pattama pahara. Bt eka vs ekak adui. Eth aulak na. Agian pattama pahara.

    ReplyDelete
    Replies
    1. :) ඔන්න දැන් හරි..කලින් වීඩියෝ එකේ ඒ කොටස තිබුනේ නෑ..(sasika සහෝ ගෙ කමෙන්ට් එකෙන්ම පදටික එකතු කලා..)

      Delete
  6. මමත් පද ටික පිටපත් කරගත්තා. බොහොම ස්තූතියි.

    ReplyDelete
  7. macan meke pada peliyak maru krla dala neda podak balanna

    ReplyDelete
  8. සුපිරිම සිංදුවක්....!

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...