වසන්තයේ මල් - ඩබ්ලිව්.ඩී. අමරදේව  | Wasanthaye mal - W.D. Amaradewa


වසන්තයේ මල් පොකුරු නෙළා
ඔබ මා දෝතට ගෙනෙන තුරා
මඟ බලමින් මා සිටියා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා

අහස පොළොව ගිනියම් අව්වේ
ගහකොළ මැලැවෙන ගිම්හානේ//
අවසානේ ඔබ ආවා

ඔබ අතැ වූ මල් එකිනෙක පරවී
සුළඟේ විසිරෙනු මා දුටුවා
සුළඟේ විසිරෙන ඒ මල් අතරින්
ඔබගේ රුව මා දුටුවා
ඔබගේ රුව මා දුටුවා


ගී පද - මහගමසේකර
සංගීතය හා ගායනය - පණ්ඩිත් අමරදේව

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...