සුපෙම් හැඟුම් ඔබෙන් එපා - ප්‍රදීපා ධර්මදාස, ලක්ෂ්මන් විජේසේකර | Supem hangum oben epa - Pradeepa, Lakshman
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ//
තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසිදින අප හමු නොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්
සුපෙම් හැඟුම් ඔබෙන් එපා...
දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්
සුපෙම් හැඟුම් ඔබෙන් එපා.../
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි මා ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ
ගායනය - ප්‍රදීපා ධර්මදාස, ලක්ෂ්මන් විජේසේකර
ගී පද - කපිල කුමාර කාලිංග
සංගීතය - රෝහණ වීරසිංහ
වීඩියෝව ගත්තෙ මෙතනින් - Dr. Rohana Weerasinghe Official


ඉකිබිදිනෙමි වියරුවී පාලුවෙන්..
ReplyDeleteයාලුවනේ පුළුවන් නම් "ඉර හඳ යට" චිත්‍රපටයේ තේමා ගීතයේ ගී පද පලකරන්න.
ReplyDeleteඅමරසිරි පීරිස් මහත්මයයි ප්‍රදීපා ධර්මදාස මහත්මියයි තමයි ගීතය ගායනා කරන්නේ.