නිස්සාර සංසාර - අභිෂේකා විමලවීර | Nissara - Abhisheka Wimalaweera - sinhala lyrics


නිස්සාර සංසාර හීනේ අතීතේ
ඔබ ඉන්නවා දැනෙනවා
කවදාක හමුවෙන්න රැකගන්න වේදෝ
තුන්යාමේ මං අහනවා

හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා..//

උණුසුම් හාදුවද ඇගේ සෙනෙහස
තාම අපෙ හිතේ..//
දකිනා වාරයට පවා
මගෙ මුළු හිතම ගිනිගනී

මන්දාරම් පවන් පොදේ
තාමත් ඔබෙ සුසුම් තැවේ..//
හිත ගැහෙනා හීතලේ
සැගවෙන් ඔබගේ පපුතුරේ

නිස්සාර සංසාර හීනේ අතීතේ
ඔබ ඉන්නවා දැනෙනවා
කවදාක හමුවෙන්න රැකගන්න වේදෝ
තුන්යාමේ මං අහනවා

ගායනය : අභිෂේකා විමලවීර
පද රචනය : අභිෂේකා විමලවීර
සංගීතය : දිලුම් තේජන


වීඩියෝව ගත්තෙ මෙතනින් - Abhisheka Wimalaweera


Comments

  1. කාලෙකට පසේ දැකපු ලස්සන සින්දුවක්. වීඩියෝවට වඩා ගොඩක් එහාට සින්දුව තියෙනවා.

    ReplyDelete
  2. ගොඩක් හොඳ කලාකාරිනියක්

    ReplyDelete
  3. Please let me know what this song means for real

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...