කවි කියන්න වරම් දෙන්න - ප්‍රින්ස් උදය පියන්ත | Kavi kiyanna waram denna - Prince Udaya Priyantha - sinhala lyrics


කවි කියන්න වරම් දෙන්න සරස්වතී දේවී
මගේ මැණික පිට ගමකට යනවලු අද පේවී
ආදර ගඟ සේදී උතුරාගෙන යාවී
ආදර ගඟ සේදී උතුරාගෙන යාවී

හමන සුළං සැරට වාවගන්න බැරිව
රළ පෙළ ගැලුවාද දෙනෙතම තෙමුණාද
ඒ ඔබේ සුවඳ මගෙන් අරන්
යනවද දුර ඈත

කවි කියන්න වරම් දෙන්න සරස්වතී දේවී
මගේ මැණික පිට ගමකට යනවලු අද පේවී
ආදර ගඟ සේදී උතුරාගෙන යාවී
ආදර ගඟ සේදී උතුරාගෙන යාවී

මලක් වී පිපෙන්න පිපී පරව යන්න
මට අවසර දෙන්න ඔබෙන් වෙන්ව යන්න
මං සුබ පැතුවට ජිවිතේම
අදයි දුකම දවස

කවි කියන්න වරම් දෙන්න සරස්වතී දේවී
මගේ මැණික පිට ගමකට යනවලු අද පේවී
ආදර ගඟ සේදී උතුරාගෙන යාවී
ආදර ගඟ සේදී උතුරාගෙන යාවී
ආදර ගඟ සේදී උතුරාගෙන යාවී


ගායනය - ප්‍රින්ස් උදය පියන්ත
සංගීතය - එච්.එම්. ජයවර්ධන
ගී පද - චන්න ජයනාත්



වීඩියෝව ගත්තෙ මෙතනින් - Lakmal Jayasinghe

Comments