වක්කඩ ලඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුලින් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත නිල් නිල් පාටින්..
කටරොළු මල්වැට වටකෙරුවා..
තුන් දවසක් අමනාපෙන් සිටි කලු..
නෝක්කඩු බැල්මෙන් බැලුවා..
ගල මතුපිට මල පිපෙන්න...
[ගල මතුපිට මල පිපෙන්න...]
මල වට බඹරිදු නටන්න...
[මල වට බඹරිදු නටන්න...]
වැහි වැහැලා ගඟ පිරෙන්න...
[වැහි වැහැලා ගඟ පිරෙන්න...]
ගඟ උතුරා හිත පිරෙන්න...
[ගඟ උතුරා හිත පිරෙන්න...]
ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනාවෙයන් කලු හිනාවෙයන්..//
වෙලා මගේ හිත ඉනාවකින් තව
හිනාවෙයන් කලු හිනාවෙයන්..
ගායනය - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව
සංගීතය - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව
පද රචනය - මහගම සේකර
වීඩියෝව ගත්තෙ මෙතනින් - Nalaka Anjana Kumara

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...