උදා ගිරේ ඉරේ
නිශා සමේ සඳේ
භවෙන් භවේ සොයා එමී
ඔබේ නුවන් ජලේ
තෙපුලේ විලාසිතාවේ
දෙතොලේ සිනා ලතාවේ
සිතුවම් මැකී නොයේවා
මහදේ රැඳී සදා
උදා ගිරේ ඉරේ...
සසරේ අනන්ත කාලේ
ඔබගේ නුවන් තටාකේ
හද වේදනා නිවේවා
ගමනේ විඩා නිවා
උදා ගිරේ ඉරේ
නිශා සමේ සඳේ
භවෙන් භවේ සොයා එමී
ඔබේ නුවන් ජලේ
ගායනය - වික්ටර් රත්නායක
සංගීතය - ස්ටැන්ලි පීරිස්
ගී පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
මේ ගීතය සොයාගැනීමට උදව් කල කැලුම් ශ්‍රීමාල් මහතාටත් හෝපලු වනපෙත KDK Lyrics පිටුවටත් අපගේ ස්තූතිය
වීඩියෝව ගත්තෙ මෙතනින් - හෝපලු වනපෙත KDK Lyrics

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...