හත් පාටක් ගෑවෙන්නා
රන් සෑයක් නැංවෙන්නා
නන් පැහැයක් දිස්වන්නා
දේදුන්නක් පායන්නා
සුර අඟනන් වැසි බිඳු මල් අමුණා
දිය පීනාගෙන අඹර ගඟේ
අත්වැල් බැඳගෙන පොළොවට එන්නට
දැමූ මැණික් ඉණිමගකි හැඟේ
සුරඟනකගෙ මිණි තැල්ලයි
සෝබාදම් සැරසිල්ලයි
වැසි බිඳු මුතු ඕවිල්ලයි
නැලවෙන සුර ඔන්සිල්ලයි //
හත් පාටක් ගෑවෙන්නා
රන් සෑයක් නැංවෙන්නා
නන් පැහැයක් දිස්වන්නා
දේදුන්නක් පායන්නා
රුවන් ඉණක් මෙන් මිණි මෙයුලක් මෙන්
බබලන දේදුණු මඬල පෙනේ
සුන්දරියකගේ නැමි බැම උපමා
කල විට ඈ ඉන් උරණ වුණේ
සුරඟනකගෙ මිණි තැල්ලයි
සෝබාදම් සැරසිල්ලයි
වැසි බිඳු මුතු ඕවිල්ලයි
නැලවෙන සුර ඔන්සිල්ලයි //
හත් පාටක් ගෑවෙන්නා
රන් සෑයක් නැංවෙන්නා
නන් පැහැයක් දිස්වන්නා
දේදුන්නක් පායන්නා
ටික වේලාවක් මා නලවන්නට
කොහි සිටදෝ අහසට ආවේ
ගොඩ දිය මල්වල රන් ආකරවල
පාට රැගෙන කවුරුද ගෑවේ
සුරඟනකගෙ මිණි තැල්ලයි
සෝබාදම් සැරසිල්ලයි
වැසි බිඳු මුතු ඕවිල්ලයි
නැලවෙන සුර ඔන්සිල්ලයි //
හත් පාටක් ගෑවෙන්නා
රන් සෑයක් නැංවෙන්නා
නන් පැහැයක් දිස්වන්නා
දේදුන්නක් පායන්නා
සුර අඟනන් වැසි බිඳු මල් අමුණා
දිය පීනාගෙන අඹර ගඟේ
අත්වැල් බැඳගෙන පොළොවට එන්නට
දැමූ මැණික් ඉණිමගකි හැඟේ
සුරඟනකගෙ මිණි තැල්ලයි
සෝබාදම් සැරසිල්ලයි
වැසි බිඳු මුතු ඕවිල්ලයි
නැලවෙන සුර ඔන්සිල්ලයි ////
ගායනය, සංගීතය - සුනිල් සාන්ත/ අයිවෝ ඩෙනිස්
ගී පද - අරිසෙන් අහුබුදු
සහය ගායනය - අමිතා වැදිසිංහ, නාලනී රණසිංහ
වීඩියෝව ගත්තෙ මෙතනින් - SinhalaGee සිංහල ගී
ලෙලුම් රත්නායකගේ අනුවාදය
වීඩියෝව ගත්තෙ මෙතනින් - Lelum Ratnayake


Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...