රෑ වීලා ඇයි මේ උදේ - මිල්ටන් මල්ලවාරච්චි | Re weela ai me ude - Milton Mallawarachchi - sinhala lyrics
රෑ වීලා ඇයි මේ උදේ
රෑ වීලා ඇයි මේ උදේ
හද අරුණෝදේ
ඔබ ගිය මොහොතේ
රෑ වාගේ පාළුයි ප්‍රියේ
උණ පඳුරු හෙවණේ
ඔබ නෑ උදේ
රතු පාට සේලයෙන්
හැඩ වූ ළඳේ
වැහිබර වීලා
මගෙ හිත පාළුයි
රෑ වීලා ඇයි මේ උදේ
ඔබ නේන මිදුලේ
මල් වැට දිගේ
සිරියාව නෑ ප්‍රියේ
වෙනදා වගේ
හෙට උදයේ හෝ
ඔබ එනවාදෝ
රෑ වීලා ඇයි මේ උදේ
රෑ වීලා ඇයි මේ උදේ
හද අරුණෝදේ
ඔබ ගිය මොහොතේ
රෑ වාගේ පාළුයි ප්‍රියේ
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය - ස්ටැන්ලි පීරිස්
ගී පද - අජන්තා රණසිංහ
වීඩියෝව ගත්තෙ මෙතනින් - Janith Liyanage

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...