වරඟන පෙර හරිනා දේවිය..
දෙව්දහ වෙත වඩිනා..
ගිමන නිවන සිතිනා..
බැඳුනයි මේ සල් තුරු සෙවනා..
රන් පැහැ නුබ ගැබිනා..
එකවර සාදු නාද නැඟුනා..
බෝසත් පුත් රුවනා..
වැඩියැයි මිහිකත සසල වුනා...
මා හිස සරසමිණා පිපුනා..
සත් පියුමන් පිපුනා..
සසර ගමන් නොයනා..
සිරිපද පියුමන් මත තැබුනා...
උදාන පද ඇසුනා..ඇසුනා
මහ සිහ නඳ ඇසුනා..
මේ පින්බර දසුනා..
දුටුව මම - ලුම්බිණි සල් උයනා...
මම වෙමි ලුම්බිණි සල් උයනා...
මම වෙමි ලුම්බිණි සල් උයනා..//
ගායනය : සෝමතිලක ජයමහ
ගී පද : ගුණසේන විජය ගුණරත්න
සංගීතය : කලණි පෙරේරා
ගී පද ඇමුණුම - සින්දු ඇනෝ
වීඩියෝව ගත්තෙ මෙතනින් - Rasika Abeysundara

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...