මං පතනවා මේ මට වඩා - අශාන් ප්‍රනාන්දු | Man Pathanawa Me Mata Wada - Ashan Fernando - sinhala lyrics


සමු අරන් යා යුතුයි දුක ඉතින් මට හුරුයි..
හෙට ඉදන් මට ඔයා නොලැබුනත් ආදරෙයි..
ඔබ හොඳින් ඉන්න ඕනේ ඒ තමයි සතුට මාගේ..
මං වගෙ කෙනෙක් නැවතත් යළිත් මුණ ගැහේවා කියා...

මං පතනවා...මේ මට වඩා..
ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබේවා කියා...//

දවසක් හරි මට ආදරේ කලා
මේ ලෝකෙ කාටත් වඩා..
නොලැබීම මගේ ඔබ මග හැරී ගියේ
කලකිරුණා මට මා කෙරේ..
ඔබ හොදින් ඉන්න ඕනේ
ඒ තමයි සතුට මාගේ..
මං වගෙ කෙනෙක් නැවතත් යළිත්
මුණ ගැහේවා කියා...

මං පතනවා...මේ මට වඩා..
ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබේවා කියා...//

මගකදී හරී මේ අප හමු වුනොත්
මගහැරලා යන්නට එපා..
ඉරණමයි අපේ අපි අපෙන් වෙන් කලේ
කලකිරුණා මට මා කෙරේ..
ඔබ හොදින් ඉන්න ඕනේ
ඒ තමයි සතුට මාගේ..
මං වගෙ කෙනෙක් නැවතත් යළිත්
මුණ ගැහේවා කියා...

සමු අරන් යා යුතුයි...

ගායනය : අශාන් ප්‍රනාන්දු
පද රචනය : ඩිලාන් ගමගේ
සංගීතය : අශාන් ප්‍රනාන්දු



වීඩියෝව ගත්තෙ මෙතනින් - Chamu Sri

Comments