ඇති මාව රැවටුවා - හොදටෝම රැවටුනා..
කවුරුත් එපා කියද්දී - මං පෙම්කලා..
මගේ ආදරේ මදිවෙලා..
යන්නට ගියත් වෙන්වෙලා..
නොලැබුනු ඔබේ සෙවනේ..
තනිකම හොඳයි මට සදා..
මාගේ අතේ වරද කියා..
දහස් වරක් පසුතැවුනා..
ඔයා අරන් යන්න හිතන්
කුලී මාලිගා සෙව්වා..
මට වඩා හොඳ කෙනෙක්
මට කලින් ලංවෙන් ඇති
ඒනිසා මා දමා හිතට එකඟව හැර යන්නැති..
ඇති මාව රැවටුවා...
නොමැරි මැරෙන තත්පරයක්
කල්පයක් වගෙ දැනුනා..
නාඳුනනා ලෙස ඔබ මා
ලෝකෙට මුදවා හැරුනා..
මට වඩා හොඳ කෙනෙක්
මට කලින් ලංවෙන් ඇති
ඒනිසා මා දමා හිතට එකඟව හැර යන්නැති..
ගායනය : ශිහාන් මිහිරංග
පද රචනය : ඩිලාන් ගමගේ
සංගීතය : අශාන් ප්‍රනාන්දු
වීඩියෝව ගත්තෙ මෙතනින් - Hiru TV Music

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...