සතුට මාගේ රැගෙන ඔබ දැන්
ඉන්න සතුටින් ලොවේ..
නිතර තිබුනේ සැකය ඔබගේ
මා නොවේ බොරු කලේ..
ජීවිතෙයි ආදරෙයි පටලගෙන අඳුරේ
හැර ගියේ ඔබනේ..
වචනයෙන් ඔබේ කළ ආදරේ
හැබැහින්මයි සිතා..
අපෙ ආදරේ වෙනුවෙන් මගේ
හැම දේ කැප කලා..
ළං වුනේ - හිත මගේ
රිදවා රවටා යන්නදෝ..
සතුට මාගේ...
වෙනසක් නොවේ මතුදා ඔබේ
මතකයේ නැවතිලා..
තනියෙන් මගේ දෙනුවන් ඉබේ
පියවී යයි සදා..
ඒ දිනේ - ළඟ මගේ
මොහොතක් ඇවිදින් යනවාදෝ..
සතුට මාගේ...
ගායනය : බාචි සුසාන්
පද රචනය : සජිත් වී. චතුරංග
සංගීතය : රධීශ් වැන්දබෝනා
වීඩියෝව ගත්තෙ මෙතනින් - Hiru TV Music

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...