චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ - සුනිල් එදිරිසිංහ | Chandra Mandale Sathapuna - Sunil Edirisinghe - sinhala lyrics
චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ..
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ..
පාන නිවුන සේ පාළුයි ලැයින් කාමරේ..
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ..
ලාභ රත්තරන් දිලිසෙන පාළු වීදියේ..
ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ..
උන්ට සෙයිලමේ මඟතොට පාර වැරදුණේ..
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ..
චන්ද්‍ර මණ්ඩලේ...
මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ..
මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ..
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ..
පාර මතකනම් තාමත් ගේ ලඟයි දුවේ..
චන්ද්‍ර මණ්ඩලේ...
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : රෝහණ වීරසිංහ
වීඩියෝව ගත්තෙ මෙතනින් - Ruchira Bandara
මගේ ප්‍රියතම ගීයක්
ReplyDeleteස්තූතියි
මම මුකුත් කියන්නේ නෑ මයි හිත රිදෙන කතන්දර බෝමයි
ReplyDeleteසින්දුවල විචාර තියන බ්ලොග් එකක් දන්නවනම් සඳහන් කරන්න කවුරුහරි
ReplyDeleteසින්දුවල විචාර තියන බ්ලොග් එකක් දන්නවනම් සඳහන් කරන්න කවුරුහරි
ReplyDeleteThis is a good song and this is my favoyrite song
ReplyDeleteමගෙත් ප්‍රියතම ගීතයක් මෙන්ම ලස්සනයි තව තවත් මේ වගේ සිංදු ලියන්න ලැබේවා
ReplyDelete