මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමෙන් ඉඳපන්..
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
නුඹ මූදුකරේ තනියෙන්..//
යස ඉසුරු අරන් සුදු මහත්තුරුන්
ඒරොප්පෙ ඉඳන් ඇවිදින්..
මුදු බැලුම් හෙලයි ලංවෙන්න බලයි
උඹ නොදැක්කා සේ ඉඳපන්..
මගෙ අමල්බිසෝ...
ඒරොප්පෙ ඉඳන් ඇවිදින්..
මුදු බැලුම් හෙලයි ලංවෙන්න බලයි
උඹ නොදැක්කා සේ ඉඳපන්..
මගෙ අමල්බිසෝ...
ඇඳ නේක ඇඳුම් සුදු නෝනාවරුන්
ගෙට එබී බලයි හොරැහින්..
මගෙ පුංචි එවුන් ටික ළඟට කරන්
උඹ හෝදිසියෙන් ඉඳපන්..
ගෙට එබී බලයි හොරැහින්..
මගෙ පුංචි එවුන් ටික ළඟට කරන්
උඹ හෝදිසියෙන් ඉඳපන්..
මගෙ අමල්බිසෝ...
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : බණ්ඩාර ඇහැළියගොඩ
සංගීතය : රෝහණ වීරසිංහ
වීඩියෝව ගත්තෙ මෙතනින් - LankaMusicTube

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...