තරුණ සිතට රිදුම් දිදී - ඉන්ද්‍රජිත් දොලමුල්ල | Tharuna sithata ridum didi - Indrajith Dolamulla - sinhala lyrics
තරුණ සිතට රිදුම් දිදී
නොඉන් පාළුවේ
බිඳුණු පෙමට කඳුළු සලා
කුමට යාළුවේ
ඇයි ලතැවෙන්නේ
සිනා වෙයන්නේ //
දේදුන්නේ ලියූ පෙම් පත
සේදී බොඳ වීලා
රෑ පින්නේ තැබූ පියවර
සලකුණු වියැකීලා
නැගුව උදානේ පෙම් රජදහනේ
සිඳී බිඳී යන දවසේ කුමට තැවෙන්නේ
පලක් නොවන්නේ
තරුණ සිතට රිදුම් දිදී
නොඉන් පාළුවේ
බිඳුණු පෙමට කඳුළු සලා
කුමට යාළුවේ
ඇයි ලතැවෙන්නේ
සිනා වෙයන්නේ
ඇගේ ගෙලේ පළඳන්නට
ඇමිණුව තරු මාලේ
ඉබේ ලිහී විසිරී ඇත
සඳ යහන් ගැබේ
නැගුව උදානේ පෙම් රජදහනේ
සිඳී බිඳී යන දවසේ කුමට තැවෙන්නේ
පලක් නොවන්නේ
තරුණ සිතට රිදුම් දිදී
නොඉන් පාළුවේ
බිඳුණු පෙමට කඳුළු සලා
කුමට යාළුවේ
ඇයි ලතැවෙන්නේ
සිනා වෙයන්නේ //
සිනා වෙයන්නේ ///
ගායනය - ඉන්ද්‍රජිත් දොලමුල්ල
තනුව - ඉන්ද්‍රජිත් දොලමුල්ල
ගී පද - දෙල්තොට චන්ද්‍රපාල
වීඩියෝව ගත්තෙ මෙතනින් - Eranga thalpawila

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...