හිම මීදුම් වලාකුලේ
මගේ වේදනා අරන් ගියේ
දෑසත් හඬවා වත මිලින වෙලා
මගෙ කඳුලැලි ඇයි ඔබ දෑස දරා
සොයා එන්න මට වරම් නැතේ
පුරහඳ පෑයු පින්බර මුහුණේ
සුරතල් පෑවා මැවී පෙනේ
ළංකරගන්නට මසිත හඬද්දී
ළංකරගන්නට මසිත හඬද්දී
මා සනසන්නට වෙර දැරුවා
හිම මීදුම් වලාකුලේ
මගේ වේදනා අරන් ගියේ
දෑසත් හඬවා වත මිලින වෙලා
මගෙ කඳුලැලි ඇයි ඔබ දෑස දරා
සොයා එන්න මට වරම් නැතේ
ඔහු අතගෙන ඔබ පියමැන යද්දී
මගේ ලොවක මා තනිවූවා
අහිමි පෙමක් හමුවේ මා පැරදී
අහිමි පෙමක් හමුවේ මා පැරදී
එනමුදු ඔබ අත වැරදි නැතේ
හිම මීදුම් වලාකුලේ
මගේ වේදනා අරන් ගියේ
දෑසත් හඬවා වත මිලින වෙලා
මගෙ කඳුලැලි ඇයි ඔබ දෑස දරා
සොයා එන්න මට වරම් නැතේ
ගායනය - අතුල ශ්‍රී ගමගේ
සංගීතය - අතුල ශ්‍රී ගමගේ
ගී පද - අතුල ශ්‍රී ගමගේ
වීඩියෝව ගත්තෙ මෙතනින් - Kevin Jaldin

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...