පායා ආ සඳ - මිල්ටන් මල්ලවාරච්චි | Paaya aa sanda - Milton Mallawarachchi - sinhala lyrics


පායා ආ සඳ අඳුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා
සෝකය තාපය පාළුව අතරේ
ඉකිබිඳ හැඬුවා ඇසුණා
පායා ආ සඳ අඳුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා

හද විමනේ බිතු සිතුවම්
කිලිටි කළේ ඔබෙ දෑතයි //
නොපැතු වියෝගයෙ මහ වරුසාවෙන්
දෑත දෙපය මගෙ සීතයි
දෑත දෙපය මගෙ සීතයි

පායා ආ සඳ අඳුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා

ඔබ පැමිණී ඔබම ගියා
නැවතුණ තැන මම ඉන්නම් //
මගෙ සහයෝගය පතන වෙලාවේ
කොහි සිට හෝ යළි එන්නම්
කොහි සිට හෝ යළි එන්නම්

පායා ආ සඳ අඳුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා
සෝකය තාපය පාළුව අතරේ
ඉකිබිඳ හැඬුවා ඇසුණා
පායා ආ සඳ අඳුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා


ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය - එම්.කේ. රොක්සාමි
ගී පද - කරුණාරත්න අබේසේකර



වීඩියෝව ගත්තෙ මෙතනින් - SaGa

Comments