මිහි මඬලේ අඳුරු කුසේ
දිය උල්පත අම්මා..
අහස් තලෙන් මරු කතරට
වහින වැස්ස අම්මා..
නිල් දෙරණේ තුරුලිය මත
මල් සම්පත අම්මා..
තුරුලිය මත පිපි කුසුමේ
ඵල සම්පත අම්මා...
සිය දහසක් නෙක ලෝදා
එළිය කරන අම්මා..
සොලොස් කලා පිරි පුරහඳ
එළිය කරන අම්මා...
මිහි මඬලේ අඳුරු කුසේ...
සඳ නැති රෑ සක්වල තරු
එළිය කරන අම්මා...
උදා ගිරෙන් ලොවට වඩින..
ලහිරු මඬල අම්මා...
මිහි මඬලේ අඳුරු කුසේ...
ගායනය : නන්දා මාලනී
පද රචනය :ඩබ්ලිව් ඒ. අබේසිංහ
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
මෙහි පද රචකයා වන්නේ ඩබ්ලිව්. ඒ. අබේසිංහ මහතායි..........
ReplyDeleteස්තූතියි..වෙනස් කලා :)
Deleteලොවට අදින නෙවෙයි . ලොවට වඩින :)
ReplyDeleteසඳ නැති රෑ සක්වල තරු
එළිය කරන අම්මා...
උදා ගිරෙන් ලොවට අදින..
ලහිරු මඬල අම්මා...