කලේ පැන් ඇත නැවුම් රහ නැත - සුනිල් එදිරිසිංහ | Kale pan etha nawum raha netha - Sunil Edirisinghe - sinhala lyrics
කලේ පැන් ඇත නැවුම් රහ නැත
මොකද මන්දා ළිඳට වූයේ
පුළුස්සා ගත් රොටිය කර වී
මොකද මන්දා ලිපට වූයේ
හදා ගත් ලුණු මිරිස රහ නැත
මොකද මන්දා දිවට වූයේ
සැලේ ගහ කොළ සුළඟ ඇත එද
සිහිල කොයි අත ගියාදෝ
කෝල බව මුසු සිනා හඬ නැත
සවන් බිහිරිව ගියාදෝ
කලේ පැන් ඇත නැවුම් රහ නැත
මොකද මන්දා ළිඳට වූයේ
පුළුස්සා ගත් රොටිය කර වී
මොකද මන්දා ලිපට වූයේ
හදා ගත් ලුණු මිරිස රහ නැත
මොකද මන්දා දිවට වූයේ
පුරුදු නිවහන නුහුරු වී නම්
කාට මේ ගැන කියන්නෙම්
කාට මේ ගැන කියන්නෙම් මම
බිරින්දෑ නෑ ගම් ගොහින්
බිරින්දෑ නෑ ගම් ගොහින්
බිරින්දෑ නෑ ගම් ගොහින්
ගායනය - සුනිල් එදිරිසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ,
ගී පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
වීඩියෝව ගත්තෙ මෙතනින් - sunimalj

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...